ධහානිට ඉන්දියාවට එරෙහි තරගය අහිමි වෙයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද(4) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහ්නවාස් ධහානිට අහිමි වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

හොංකොං කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙනුයි ඔහුට අද තරගය අහිමි වී ඇත්තේ.

ඉදිරි පැය කිහිපයේ දී ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද පාකිස්තාන ක්‍රිකට් වෛද්‍ය කමිටුව අවධානයෙන් පසුවන බවත්, ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග සදහා ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි පසුව තීරණය කරන බවත්, එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...