රහීම් 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

බංග්ලාදේශ පිතිකරු මුශ්ෆිකර් රහීම් ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

එක්දින හා ටෙස්ට් තරග සදහා වැඩි අවධානයක් තමා යොමු කිරීමට සූදානම් බවයි ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

කෙසේ වෙතත්, තමා තවදුරටත් 20යි 20 ලීග් (ෆ්‍රැන්චයිස්) තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියා.

මෑතක සිට ඔහු 20යි 20 තරග පිටියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට අපොහොසත් වූ අතර, ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග දෙකේ දී ඔහු පිළිවෙලින් රැස් කළේ එක් ලකුණක් හා ලකුණු 4ක් පමණයි.

ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී කුසල් මෙන්ඩිස් ලබා දුන් උඩ පන්දුවක් ද ඔහු අතින් ගිලිහී ගිය අතර, බංග්ලාදේශයට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට තරම් එය දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා.

පසුගිය ජූලි මාසයේ දී ටමිම් ඉක්බාල් ද 20යි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පසුබිමකයි රහීම් ද මෙම තීරණය ගෙන ඇත්තේ.

35 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් 20යි 20 තරග 102 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1,500 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...