Road Safety තරඟාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි වූ නාලිකාව මෙන්න

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ  චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.

මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් අටක් එක් වන අතර, පසුගිය තරග වාරයට ක්‍රීඩා නොකළ නවසීලන්තය ද නියෝජනය කරමින් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

සනත් ජයසූරිය, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, නුවන් කුලසේකර හා උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...