“ඔවුන් ජීවත් වන්නේ මෝඩයන්ගේ පාරාදීසයක” : ශකිබ් අල් හසාන්

Date:

දින කිහිපයකින් සිය කණ්ඩායමේ දෛවය වෙනස් විය හැකි යැයි කවුරුන් හෝ විශ්වාස කරන්නේ නම් ඔවුන් ජීවත් වන්නේ මෝඩයන්ගේ පාරාදීසයක බව බංග්ලාදේශ 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ශකිබ් අල් හසාන් පවසනවා.

මෑතකදී ඉතා අසාර්ථක ක්‍රිඩා විලාශයක් පෙන්නුම් කළ බංග්ලාදේශ කණ්ඩායමේ 20යි 20 නායකයා ලෙස ශකිබ් අල් හසාන් පත් කරනු ලැබුවේ එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දක්වායි.

ආසියානු කුසලානයේ දී සැලකිය යුතු දක්ෂතා දැක්වීමේ අපේක්ෂාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මේ වන විටත් ඉන්දියාවේ Sridharan Sriram කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කර තිබෙනවා.

එරට ප්‍රධාන පුහුණුකරු ධූරයන් තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කර ඇති අතර, ඒ අනුව ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝගේ අනාගතය සම්බන්ධයෙන් ද හෙට(22) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිතයි.

අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග 46 න් බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ තරග 19ක් පමණයි. 2021 වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව ක්‍රීඩා කළ 20යි 20 තරග 11න් බංග්ලාදේශය තරග 2ක් පමණක් ජය ගත් අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

“මට ඉලක්ක නැහැ” යනුවෙන් ශකිබ් අල් හසාන් මාධ්‍ය වෙත සදහන් කළා. “මගේ එකම අරමුණ ලෝක කුසලාන තරගාවලියේදී අප හොඳින් දස්කම් දැක්වීමයි. ඒ සඳහා තමයි මේ සූදානම.”

“කවුරුහරි හිතුවොත් මට දවසක් දෙකක් ඇතුළත මේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා, නැත්නම් වෙන කෙනෙක් ඒක වෙනස් කරන්න එයි කියලා, එහෙමනම් අපි ජීවත් වෙන්නේ මෝඩ රාජ්‍යයක. ඔබට ප්‍රායෝගිකව සිතීමට හැකියාවක් ඇත්නම්, මාස තුනකින් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ඉතා හොඳින් දස්කම් දක්වන විට අපේ සැබෑ දියුණුව පෙනේවි”

“දරුවා ඇවිදීමට පටන් ගත් විට පළමු පියවර ඉතා අපහසු නමුත් ක්‍රමයෙන් දේවල් පහසු වෙනවා, අපටත් ළදරුවෙකු මෙන් පියවරෙන් පියවර ඇවිදීමට පටන් ගෙන ඉදිරියට යාමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

“ආසියානු කුසලානයේ දී කොපමණ වෙනසක් වෙයිද කියන්න අමාරුයි, මොකද කාලය බොහොම අඩුයි. ඒත් මම කිව්වා වගේ පුහුණුකාර මණ්ඩලයේ සිට සහාය කාර්ය මණ්ඩලය දක්වා, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය, ප්‍රේක්ෂකයින්, මාධ්‍යවේදීන් පවා අපි හැමෝටම මෙහි වගකීම් තියෙනවා. අපි හැමෝටම එකට වැඩ කරන්න පුළුවන් නම්, මට පෙනෙන්නේ අලුත් ගමනක් ආරම්භ කළ හැකි බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...