දියණියන්ගේ ඉල්ලීම මත වෝනර් වසර 9කට පසු ගත් තීරණය

Date:

සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වසර දෙකක කාලයක් සදහා ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු වටයේ තරග 5ක් ක්‍රීඩා කිරීම සදහා ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි හී දී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

අනතුරුව ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහා ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇති අතර, වෝනර් ද ජාතික කණ්ඩායම සමග ඉන්දියාවට පැමිණෙනු ඇති.

වෝනර් වසර 9කට පසුවයි මෙලෙස ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන්නේ.

35 හැවිරිදි ඔහු අවසන් වරට බිග් බෑෂ් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් තරගාවලිය ද බිග් බෑෂ් ලීග් තරගාවලිය පැවැත්වෙන ජනවාරි මාසයේ දී ම පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඩේවිඩ් වෝනර්ට එම තරගාවලි ද්විත්වයෙන් ක්‍රීඩා කිරීමට එක් තරගාවලියක් තෝරා ගැනීමට සිදු වුණා.

කෙසේ වෙතත්, සිය දියණියන් තිදෙනාගේ ඉල්ලීම මත තමා බිග් බෑෂ් ලීග් තරගාවලිය තෝරා ගත් බවයි වෝනර් සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...