Asia Cup Qualifier : පළමු තරගයෙන් හොංකොං කණ්ඩායමට ජය

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට හොංකොං කණ්ඩායම ඊයේ(20) රාත්‍රියේ සමත් වුණා.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඕමානයේ දී පැවැත්වෙන අතර, පළමු තරගයේ දී හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 8කින් පරාජයට පත් වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිංගප්පූරුවට කඩුලු 7ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කරන අතර, තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා කුවේට් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...