බංග්ලාදේශය සිය ප්‍රධාන පුහුණුකරුගේ අනාගතය ගැන තීරණයක් ගැනීමට සූදානම්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රසල් ඩොමින්ගෝගේ අනාගතය සම්බන්ධයෙන් එළඹෙන 22 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගැනීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් මේ වන විට ඉගි පල කර ඇත්තේ එරට ප්‍රධාන පුහුණුකරු ධූරයන් තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාම පිළිබද අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව ඩොමින්ගෝ ඉදිරියේ දී බොහෝ විට ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ පුහුණුකරු ලෙස පමණක් කටයුතු කිරීමට ඉඩ ඇති බව සදහන්.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මීට දින කිහිපයකට පෙර ද සදහන් කර සිටියේ ආසියානු කුසලානයට පෙර ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සූදානමින් පසුවන බවයි.

බංග්ලාදේශය මේ වන විටත් ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ Sridharan Sriram කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කර තිබෙනවා.

සිම්බාබ්වේ හී දී බංග්ලාදේශ කණ්ඩායම 20යි 20 හා එක්දින තරගාවලි පරාජයට පත්වීමත් සමගයි ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝගේ ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...