කඩුලු 5ක ජයකින් ඉන්දියාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතා හා සංජු සැම්සන්ගේ නොදැවුණු ඉනිම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(20) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට මෙම තරගයේ දී ද සාර්ථක පිතිහරඹයක නිරත වීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුණේ නැහැ.

ඒ අනුව සිම්බාබ්වේ ඉනිම පන්දුවාර 38.1 ක් අවසානයේ දී සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 161 ක් ලෙසයි.

ෂෝන් විලියම්ස් ලකුණු 42 ක් ද, Ryan Burl නොදැවී ලකුණු 39 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් ශර්දුල් තාකූර් ලකුණු 38 කට කඩුලු 3ක් බිද හෙලුවා. මොහමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්නා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව් හා දීපක් හූදා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට යම් අභියෝගයක් එල්ල කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුවත්, තරගයේ ජයග්‍රහනය සදහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉන්දියාව පන්දුවාර 25.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කේ.එල් රාහුල් එක් ලකුණකටත්, ඉෂාන් කිෂන් ලකුණු 6කටත් දැවී ගියා. ශිකර් ධවාන් හා ෂුබ්මන් ගිල් ලකුණු 33 බැගින් ලබා ගත් අතර, දීපක් හූදා ලකුණු 25 ක් ලබා ගත්තා.

සංජු සැම්සන් පන්දු 39 කින් ලකුණු 43 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී Luke Jongwe ලකුණු 33කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...