ආසියානු කුසලානයට සුදුසුකම් ලබන්න අද සිට කණ්ඩායම් 4ක් තරග බිමේ

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තේරීම සදහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඕමානයේ දී අද (20) ආරම්භ වනවා.

එම තරගාවලිය අද සිට එළඹෙන 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ හොංකොං හා සිංගප්පූරුව අතරයි.

ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් මේ වන විටත් ලබන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා අවසන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාව ඊයේ (19) ඩුබායිහිදී සිදු කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් ආයතනයේ සභාපති ෂෙයික් නායන් බින් මුබාරක්ගේ ප්‍රධානත්වයෙන්.

ACC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...