ආසියානු කුසලානය අභියස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකුට ආබාධ

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත හා බිනුර ප්‍රනාන්දුට එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.

එම ක්‍රීඩකයින් දෙදෙනාම ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිවේදනය කළ ආසියානු කුසලානය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්ව සිටියා.

ඔවුන්ගේ ආබාධ හේතුවෙන් ආදේශක ක්‍රීඩකයින් ලෙස වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද ඇතැම්විට මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ වළලුකර ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...