ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමති නිවේදනය කරයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිවේදනය කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

අශේන් බණ්ඩාර හා ධනංජය ද සිල්වා යළි සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද සංචිතයේ ස්ථානයක් හිමි කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද සංචිතයට කැදවා ඇති අතර, නවක වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුෂංක මෙන්ම යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් ද යළි 20යි 20 සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්. නුවනිදු ප්‍රනාන්දු ද සංචිතයට නම් කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටයේ දෙවැනි තරගය සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වෙන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් හා B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගන්නා අතර, සුපිරි 4 වටයේ තරග සැප්තැම්බර් 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුපිරි 4 වටයේ දී පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...