වනිදු හසරංගත් ILT20 සමග එක් වෙයි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත Desert Vipers කණ්ඩායම සමග ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුට අමතරව එංගලන්තයේ සෑම් බිලින්ග්ස් හා කොදෙව් දූපත්හි ශෙල්ඩන් කොට්‍රෙල් යන ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.

එංගලන්ත ක්‍රීඩකයින් වන ඇලේක්ස් හේල්ස්, ටොම් කරන් හා බෙන් ඩකට් යන ක්‍රීඩකයින් ද Desert Vipers සමග ගිවිසුම්ගතව තිබෙනවා.

මේ අතර, සිය කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ඔස්ට්‍රේලියාවේ ටොම් මූඩි හා ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්තයේ ජේම්ස් ෆෝස්ටර් පත් කිරීමටයි Desert Vipers කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කළ හැකියි.

සංචිතයකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් ඇතුළත් වන අතර, සෙසු ක්‍රීඩකයින් 14 දෙනා විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගයේ පළමු අදියර සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.

ඩුබායි කැපිටල්ස්ගල්ෆ් ජයන්ට්ස්අබුඩාබි නයිට් රයිඩර්ස්, එම් අයි එමිරේට්ස් හා සාජා වොරියර්ස් යන කණ්ඩායම් ද මීට පෙර සිය විදෙස් ක්‍රීඩකයින් 14 දෙනාගෙන් යුත් සංචිත ප්‍රකාශයට පත් කළා.

Desert Vipers Squad:

Sam Billings (England), Sheldon Cottrell (West Indies), Tom Curran (England), Ben Duckett (England), Saqib Mahmood (England), Alex Hales (England), Wanindu Hasaranga (Sri Lanka), Benny Howell (England), Azam Khan (Pakistan), Sandeep Lamichhane (Nepal), Colin Munro (New Zealand), Sherfane Rutherford (West Indies) and Ruben Trumpelmann (Namibia).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...