අලුත්ම ක්‍රිකට් තරුව ප්‍රභාත්ට “පප්පා” කියන්නේ ඇයි ?

Date:

ශ්‍රි ලංකාව වෙනුවෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයින් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටියා.

ඒ අතර 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3 තුළ දැක්වු ඉහළ දක්ෂතා හේතුවෙන් වාර්තා කිහිපයක් අතරටම  ඔහුගේ නම මේ වනවිටත් ලිය වී අවසන්.

ඕස්ට්‍රේලියාවට හා පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 6 තුළ ඔහු දවා ගත් සමස්ථ කඩුලු සංඛ්‍යාව 29 ක්.

ඒ ඉනිමක කඩුලු 5 අවස්ථාවන් 4 ක් සහ එක් කඩුලු 4 අවස්ථාවක්ද සමගයි.

මේ සුපිරි පන්දු යැවීම නිසාම මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩකයෙකු බවට ඔහු පත්ව ඇති බව නොරහසක්.

ඔබ ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග නැරඹූ ප්‍රේක්ෂකයෙකුනම්, තරග අතරතුර දී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් ප්‍රභාත් ජයසූරියට ‘පප්පා’ යන නාමයෙන් අමතන ආකාරය ඇසෙන්නට ඇති.

මේ පප්පා යන කෙටි නාමය ඔහුට කෙසේ පටබැඳුනාද යන්න බොහෝ ක්‍රිකට් රසිකයන් හට පවතින ප්‍රශ්නයක්.

ඒ නමින් ඔහුට ආමන්ත්‍රණය කරන්නේ ඇයි?

ඒ පිළිබඳ ප්‍රභාත් ජයසූරිය විසින්ම මේ වන විට අනාවරණය කර තිබෙනවා.

ඒ, ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරයි.

“අවුරුදු 4 කට විතර කරලින් Provincial Tournament එකක් සෙල්ලම් කළා. මම දික්වැල්ල අපි ඔක්කොම එකම ටීම් එකක තමයි සෙල්ලම් කරේ.” යනුවෙන් ප්‍රභාත් අදහස් දක්වා සිටියා.

“මැච් එකේ විකට් එන්නැති වෙලාවකදි එක එක නම් කියනවා බෝල් කරනකොට.. හැබැයි ඔය පප්පා කියන නම කිව්වට පස්සෙ විකට් එන්න ගත්තා. ඊට පස්සෙ දික්කා ඒක දිගටම continue කළා. National Team එකට ආවට පස්සෙත් දික්කා ඒකම continue කළා.”

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...