Watch : සියල්ලන් පුදුමයට පත් කරමින් බ්‍රෝඩ් තනි අතින් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (19).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී අද දිනයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

ආරම්භක පිතිකරුවන් වූ ඩීන් එල්ගර් ලකුණු 47 කට දැවී ගිය අතර, Sarel Erwee ලකුණු 73 ක් රැස් කළා.

මාර්කෝ ජන්සෙන් ලකුණු 48 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළා. කේෂාව් මහරාජ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 ක්.

කාගිසෝ රබාඩා ලකුණු 3 ක් ලබා සිටියදී දැවී ගියේ ස්ටුවට් බ්‍රෝඩ් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.

wide mid-on කලාපයේ සිට ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් හා ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 165 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...