ප්‍රබලයින් කිහිපදෙනෙකු නොමැතිව ඉන්දියාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන සිම්බාබ්වේ එක්දින සංචිතය අද(11) නිවේදනය කෙරුණා.

අයි.සී.සි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් මෙම එක්දින තරගාවලිය සදහා නම් කෙරුණු සිම්බාබ්වේ සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

එක්දින තරගාවලියට අයත් තරග 3 ලබන 18, 20 හා 22 යන දිනවලදී හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිටින නිත්‍ය නායක ක්‍රෙයිග් අර්වයින් මෙම තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකරන බැවින් රෙජිස් චකබ්වා ඉන්දියාවට එරෙහි තරගාවලියේ දී ද සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවනු ඇති.

තරග 2-1 ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත් කළ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද ඔහු විසින්.

බ්ලෙසින්ග් මුසර්බානි, ටෙන්ඩයි චටාරා හා වෙලින්ග්ටන් මසකඩ්සා යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

ODI squad:

Ryan Burl, Regis Chakabva (c), Tanaka Chivanga, Bradley Evans, Luke Jongwe, Innocent Kaia, Takudzwanashe Kaitano, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, John Masara, Tony Munyonga, Richard Ngarava, Victor Nyauchi, Sikandar Raza, Milton Shumba, Donald Tiripano

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...