ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ යළි වෙනසක්

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමට එරට ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටියේ ශිකර් ධවාන් විසින්.

ඒ අනුව සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ධවාන්ව පත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කේ එල් රාහුල් මීට පෙර ආබාධයකට ලක්ව සිටි අතර, පසුව ඔහුට කොවිඩ් 19 ද ආසාදනය වුණා. ඒ හේතුවෙන් නිමා වූ තරගාවලිය රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වුණා.

ALSO READ : ප්‍රබලයින් කිහිපදෙනෙකු නොමැතිව ඉන්දියාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

එක්දින තරගාවලියට අයත් තරග 3 ලබන 18, 20 හා 22 යන දිනවලදී හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

India’s squad for 3 ODIs:

KL Rahul (Captain) Shikhar Dhawan (vice-captain), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Ishan Kishan (wicket-keeper), Sanju Samson (wicket-keeper), Washington Sundar, Shardul Thakur, Kuldeep Yadav, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohd Siraj, Deepak Chahar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...