ඇෆ්ඝනිස්තානය දෙවැනි තරගයත් පරදියි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අයර්ලන්තය සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 122 ක් රැස් කළා.

Hashmatullah Shahidi ලකුණු 36 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Josh Little, Mark Adair, Curtis Campher හා Gareth Delany කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Andy Balbirnie ලකුණු 46 ක් ලබා ගත් අතර, Lorcan Tucker ලකුණු 27 යි.

පන්දු යැවීමේ දී Mohammad Nabi ලකුණු 15 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...