SLC Blues ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට චරිත් අසලංක නායකත්වය දරන SLC Blues කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකෙන්ම ජය වාර්තා කරමින්. Blues කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන්ව ඇත්තේ 1.135 ක් වශයෙන්.

කුසල් මෙන්ඩිස් නායකත්වය දරන SLC Reds කණ්ඩායම මේ වන විට තරග දෙකක් ක්‍රීඩා කර ඉන් එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේ යි. ඔවුන්ට 0.414 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමිව තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greens කණ්ඩායම එක් තරගයක් ජය ගෙන -0.600 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ SLC Greys කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි හා අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, තරගාවලිය යටතේ ඊයේ (10) රාත්‍රියේ පැවැති 4 වැනි තරගයෙන් SLC Greys කණ්ඩායම (115/9) පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම (119/6 (18.3)) සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...