මෙවර ආසියානු කුසලාන තරගාවලියට අදාළව පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඕමානයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ එම තරගාවලිය අගෝස්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් මේ වන විටත් ලබන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.
තරග කාලසටහන –


