අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ

Date:

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (10) කොළඹ පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී සිදු කෙරුණා.

ඒ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින්.

බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් නව ජාතික ක්‍රීඩා සභාව සමන්විතයි.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වන බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

“තවද ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී ගරු අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.” යනුවෙන් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහේල ජයවර්ධන මහතායි.

අමාත්‍යවරයා අතින් පත්වීම් ලද නව සාමාජිකයින්-
01 අර්ජුන රණතුංග මහතා – සභාපති
02 ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්.ලියනගේ මහතා – සාමාජික
03 එයාර් මාෂල් එස්.කේ. පතිරණ මහතා – සාමාජික
04 වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා – සාමාජික
05 අමල් එදිරිසූරිය මහතා – නිල සාමාජික
06 මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි මහතා – සාමාජික
07 වෛද්‍ය මයියා ගුණසේකර මහතා – සාමාජික
08 ශ්‍රියානි කුලවංශ මහත්මිය – සාමාජික
09 නීතිඥ අජිත් පතිරණ මහතා – සාමාජික
10 සුනිල් ජයවීර මහතා – සාමාජික
11 ක්‍රීෂාන්ත මෙන්ඩිස් මහතා – සාමාජික
12 ලසිත ගුණරත්න මහතා – සාමාජික
13 නලින්ද ඉලංගකෝන් මහතා – සාමාජික
14 සුදත් චන්ද්‍රසේකර මහතා – සාමාජික
15 සුජානි බෝගෝල්ලාගම මිය – ලේකම්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...