පළමු 20යි 20 තරගයෙන් අයර්ලන්තයට තියුණු ජයක්

Date:

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

උස්මාන් ඝානි ලකුණු 59 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Barry McCarthy කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

ඇන්ඩි බල්බර්නි ලකුණු 51 ක් ද, Lorcan Tucker ලකුණු 50 ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...