සිම්බාබ්වේ පිලේ සුපිරි හඹා යාම හමුවේ පළමු එක්දින තරගයෙනුත් බංග්ලාදේශයට අනපේක්ෂිත පරාජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම දෙරට අතර අද (5) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද සුවිශේෂී ජයග්‍රහනයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.

හරාරේ හී දී පැවැති පළමු එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනය කළේ කඩුලු 5 කින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 304 ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේ නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 303ක් රැස් කරමින්.

නායක ටමිම් ඉක්බාල් ලකුණු 62 (88) ක් රැස් කළේ හතරේ පහර 9 ක් සමගින්. ලිටොන් දාස් ලකුණු 81 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. පන්දු 89 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

අනමුල් හක් ලකුණු 73 (62) යි. හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 52 ක් ලබා ගත්තේ පන්දු 49 කින්. ඒ, හතරේ පහර 5 ක් ද සමගින්. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 20(12) යි.
පන්දු යැවීමේ දී Victor Nyauchi හා සිකන්ඩ රාසා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 48.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සිය ඉනිමට සාර්ථක ආරම්භයක් ද නොලැබුණු පසුබිමකයි.

ඔවුන්ගේ පළමු කඩුලු දෙකම ලකුණු 6ක් තුළ බිද වැටුණා. තෙවැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 62 දී යි.

මෙම තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ආරම්භක පිතිකරු Regis Chakabva ලකුණු 2කට දැවී ගිය අතර, Tarisai Musakanda ලකුණු 4යි. Wessly Madhevere ලකුණු 19කට දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමට අනපේක්ෂිත ජයග්‍රහනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 192 (172) ක සුපිරි සබදතාවයක් ගොඩ නැගීමට Innocent Kaia හා සිකන්ඩ රාසා සමත් වුණා.

Innocent Kaia ලකුණු 110 ක් රැස් කළේ පන්දු 122 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

සිකන්ඩ රාසා නොදැවී ලකුණු 135 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට අනගිභවනීය ජයක් තහවුරු කර දුන්නා. පන්දු 109 කින් වාර්තා වූ රාසාගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්. Luke Jongwe ලකුණු 24 (19) යි.

පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රහ්මාන්, ශොරිෆුල් ඉස්ලාම් හා මොසඩෙක් හොසේන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...