ආරාධිත 20යි 20 ලීගයේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන 8 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කර ඇති තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග තීරකවරුන් දෙදෙනෙකු හා විනිසුරුවන් 6 දෙනෙකු තරග නිළධාරීන් ලැයිස්තුවට ඇතුළත්.

ජාත්‍යන්තර අත්දැකීම් බහුල විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන මහතා මෙම තරගාවලිය සදහා විනිසුරුවරයෙකු ලෙස ඇතුළත්ව නැහැ.

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති මෙම තරගාවලිය අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික හා පළමු පෙල ක්‍රීඩකයින් 60 දෙනෙකු තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 4 ට අයත් සංචිත සදහා ඇතුළත්.

පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

Match Referees
Graeme Labrooy – ICC Match Referee
Wendell Labrooy – ICC Match Referee

Umpiring Panel
Raveendra Wimalasiri – ICC Umpire
Ruchira Palliyaguruge – ICC Umpire
Lyndon Hannibal – ICC Umpire
Prageeth Rambukwella – ICC Umpire
Deepal Gunawardena – First Class Umpire
Keerthi Bandara – First Class Umpire

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...