Watch : යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අයුරු මෙන්න

Date:

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

මීටර් සියය ඉසව්වේ තෙවැනි අවසන් පූර්ව වටයේ තරගයට එක් වූ ඔහු සිව්වැනි ස්ථානය හිමි කර ගනිමින් එම තරගය අවසන් කළා.

තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය තත්ත්පර 10.20 ක්.

අවසන් පූර්ව තරග තුනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ක්‍රීඩකයින් 6 දෙනා සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, හොදම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා.

ඒ අනුවයි යුපුන් අබේකෝන්ට ද අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වුණේ.

අවසන් තරගය මෙරට වේලාවෙන් අද (4) අලුයම 2 ට පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...