එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණා.
අවසන් තරගයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. (දර්ශන කිහිපයක් පහතින්)
එහි රන් පදක්කම කෙන්යාවේ Ferdinand Omanyala දිනා ගත් අතර, රිදී පදක්කම දිනා ගත්තේ දකුණු අප්‍රිකාවේ Akani Simbine.
මීටර් සියය ධාවන ඉසව්වේ තෙවැනි අවසන් පූර්ව වටයේ තරගයට එක් වූ යුපුන් අබේකෝන් සිව්වැනි ස්ථානය හිමි කර ගනිමිනුයි අවසන් තරගය තරගය සදහා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ සුදුසුකම් ලබා ගත්තේ.
අවසන් පූර්ව වටයේ තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය තත්ත්පර 10.20 ක්.
අවසන් පූර්ව තරග තුනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ක්‍රීඩකයින් 6 දෙනා සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, හොදම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා.
ඒ අනුවයි යුපුන් අබේකෝන්ට ද අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වුණේ.
අවසන් තරගය මෙරට වේලාවෙන් අද (4) අලුයම 2 ට පැවැත්වුණා.
මේ අතර, කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 තරග ඉසව්වට එක් වූ පාලිත හල්ගහවෙල මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද මෙරට වේලාවෙන් අද අලුයම සමත් වුණා.
https://twitter.com/mimwalkerkhan/status/1554929525531836421?s=19
Commonwealth Games Men's 100m – Finals
Yupun ABEYKOON wins Bronze for Sri Lanka – 10.14 seconds. 🥉🇱🇰🇱🇰🇱🇰#LKA #CommonwealthGames2022 #YupunAbeykoon pic.twitter.com/uPvifjzcNY
— Kimbula Bunis 🥐 (@PO5IT1VE) August 3, 2022
Video- Yupun Abeykoon wins the Bronze medal in the men's 100 metres final at the Commonwealth Games with a timing of 10.14 s.
Congratulations Yupun 🇱🇰🙏pic.twitter.com/Svg7ydzPaz#LKA #SriLanka #CommonwealthGames2022 #100m
— Sri Lanka Tweet 🇱🇰 (@SriLankaTweet) August 3, 2022
— Cric Vids (@vids_cric) August 3, 2022

