ඉන්දු – කොදෙව් තෙවැනි 20යි 20 තරගයේ ආරම්භයත් ප්‍රමාද කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර අද(2) පැවැත්වීමට නියමිත තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ද මිනිත්තු 90 කින් ප්‍රමාද වී ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ශාන්ත කිට්ස් හී දී මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ ආරම්භ වූ දෙවැනි 20යි 20 තරගය නියමිත වේලාවට වඩා පැය 3 ක කාලයක් ප්‍රමාද වී ආරම්භ කිරීම හේතුවෙන් ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේක කාලයක් ලබා දීමේ අරමුණින් අද තරගය ද ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පළමු 20යි 20 තරගය පැවැති ට්‍රිනිඩෑඩ් සිට ශාන්ත කිට්ස් වෙත කණ්ඩායම්වල වැදගත් ගමන්මලු රැගෙන යාමට ප්‍රමාද වීම හේතුවෙන් එලෙස දෙවැනි තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද වුණා.

ඒ අනුව මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තෙවැනි 20යි 20 තරගය රාත්‍රී 9.30 ට ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

අද පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගයෙන් අනතුරුව ලබන 6 වැනිදා හා 7 වැනිදා පැවැත්වීමට නියමිත සිව්වැනි හා 5 වැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් දෙක අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ගමන් කිරීමට නියමිතයි.

එම තරග දෙකම අමෙරිකාවේ පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව ඇත්තේ කණ්ඩායම් දෙකේම ඇතැම් ක්‍රීඩකයින්ට අමෙරිකානු වීසා මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...