මුරලි සැප්තැම්බර් මාසයේ දී යළි ක්‍රිකට් පිටියට

Date:

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් තරග කරන Legends League Cricket තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති ක්‍රීඩකයින් 53 දෙනෙකු පිළිබද තොරතුරු මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති, හිටපු නායක සෞරව් ගංගුලි ද ඒ අතරට අයත්.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස් මෙන්ම දිල්හාර ප්‍රනාන්දු ද තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

තවද, Eoin Morgan, Liam Plunkett, Virender Sehwag, Misbah-ul-Haq, Albie Morkel, Jonty Rhodes, Dale Steyn, Mitchell Johnson, Brett Lee, Shane Watson, Ross Taylor යන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි මාසයේ දී මස්කට් හී දී පැවැත්වුණේ India Maharajas, World Giants හා Asia Lions යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන්.

දෙවැනි අදියර ඉන්දියාවේ ක්‍රීඩාංගන 5 කදී එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...