ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2022 පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී දී ආරම්භ වන තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා ඩුබායි හී දී පැවැත්වෙන අවසන් මහා තරගයත් සමගයි.

තරගාවලියේ පළමු තරගය අගෝස්තු 27 වැනිදා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතරයි.

දෙවැනි තරගය ලෙස ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටයේ දෙවැනි තරගය සැප්තැම්බර් පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ තරග කාලසටහනෙහි දැක්වෙන්නේ.

A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් හා B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

සුපිරි 4 වටයේ තරග සැප්තැම්බර් 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුපිරි 4 වටයේ දී පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ 15 වැනි අදියර වන මෙම තරගාවලිය මීට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

ආසියානු කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ද අගෝස්තු 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබනවා.

ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් නිතරගයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

තරග කාලසටහන –

ACC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...