මැකෝයිගේ කඩුලු 6 හමුවේ ඉන්දියාවට කඩුලු 5ක පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(2) අලුයම සමත් වුණා.

ශාන්ත කිට්ස්හි Basseterre හි Warner Park ක්‍රීඩාංගනයේ පැවැති තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පළමු 20යි 20 තරගය පැවැති ට්‍රිනිඩෑඩ් සිට ශාන්ත කිට්ස් වෙත කණ්ඩායම්වල වැදගත් ගමන්මලු රැගෙන යාමේ ප්‍රමාදයක් හේතුවෙන් තරගය ආරම්භ කිරීම පළමුව මෙරට වේලාවෙන් රාත්‍රී 10 දක්වා කල් දැමුණා.

කෙසේ වෙතත්, එම වේලාවට ද තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය ආරම්භ කිරීමට සිදූ වූයේ මෙරට වේලාවෙන් රාත්‍රී 11ටයි.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක කණ්ඩායම වෙත ලබා දුන් අතර, ඔබෙඩ් මැකෝයිගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 හෝ ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඉනිමේ පළමු පන්දුවෙන්ම නායක රෝහිට් ෂර්මා දැවී ගියේ ඔබෙඩ් මැකෝයිගේ පන්දුවක් හමුවේයි. ඔහු සමග ඉනිම ආරම්භ කළ සූර්යකුමාර් යාදව් ලකුණු 11යි.

ෂ්රෙයස් අයියර් ලකුණු 10කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 24(12)කටත් දැවී ගිය අතර, හර්ඩික් පාන්ඩ්යා පන්දු 31 කින් ලකුණු 31 ක් රැස් කළා.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 27යි. දිනේෂ් කාර්තික් මෙම තරගයේ දී ලකුණු 7කට දැවී ගිය අතර, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 10 ක් ලබා ගත්තා.

සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් මැකෝයි පන්දුවාර 4 ක් යොමු කරමින් එක් නිලකුණු පන්දුවාරයක් සහිතව ලකුණු 17කට කඩුලු 6 ක් බිද හෙලුවා.(දර්ශන පහතින්) එය කොදෙව් පන්දු යවන්නෙකු 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 23 කට දවා ගත් කඩුලු ගණන 2ක්.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 19.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 68 ක් වාර්තා කළේ පන්දු 52 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ක්යල් මේයර්ස් ලකුණු 8කට දැවී ගියා.

නායක නිලකස් පූරාන් ලකුණු 14 ක් ද, ශිමරන් හෙට්මයර් ලකුණු 6 ක් ද, රොව්මන් පවෙල් ලකුණූ 5 ක් ද ලබා සිටියදී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත්, ඩෙවෝන් තෝමස් පන්දු 19 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා. හයේ පහර 2ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔඩියන් ස්මිත් නොදැවී ලකුණු 4 යි.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, හර්ඩික් පාන්ඩ්යා හා අවේශ් ඛාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...