කණ්ඩායම් පරිසරයේ අර්බුදය හේතුවෙන් ඩොටින් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා Deandra Dottin ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් (කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්) සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 9කින් බාර්බඩෝස් කණ්ඩායම දරුණු පරාජයට ලක් වී පැය කිහිපයකට පසුවයි ඇය සිය තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම තරගයේ දී Deandra Dottin පන්දු 22 කින් ලකුණු 8ක් පමණක් වාර්තා කළ අතර, ඇය යොමු කළ පන්දුවාරයේ දී ප්‍රතිවාදී පිතිකාරිණියන් ලකුණු 25 ක් වාර්තා කිරීම කැප පෙනුණා.

කොදෙව් කණ්ඩායමට සමු දෙමින් ඇය නිකුත් කළ නිවේදනයේ සදහන් කර ඇත්තේ කණ්ඩායම තුළ පවතින වත්මන් තත්ත්වය තමාගේ තීරණයට බලපෑ බවයි.

” විශිෂ්ට ලෙස ක්‍රිඩා කිරීමේ මගේ හැකියාව අඩාල කර ඇති බැවින් කණ්ඩායම් සංස්කෘතියට සහ කණ්ඩායම් පරිසරයට තවදුරටත් ඇලී සිටීමට මට නොහැකි බව බොහෝ දුකකින් නමුත් පසුතැවීමකින් තොරව මම තේරුම් ගත්තා. ” යනුවෙන් ඇය සදහන් කළා.

කෙසේ වෙතත්, ලොව පුරා දේශීය තරග ක්‍රීඩා කිරීමට තමා ඉදිරියේ දී ද සූදානම් බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියා.

2008 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් Deandra Dottin කොදෙව්වන් වෙනුවෙන් එක්දින තරග 143 ක් හා 20යි 20 තරග 126 ක් ක්‍රීඩා කර තිබෙනවා.

කාන්තා 20යි 20 ජාත්‍යන්තර තරග පිටියේ වේගවත්ම ශතකය (පන්දු 38 කින්) වාර්තා කළ ක්‍රීඩිකාව ලෙස ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ ද ඇයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...