බංග්ලාදේශ 20යි 20 නායකයා සිම්බාබ්වේ සංචාරයෙන් ඉවතට

Date:

බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායක නුරුල් හසාන්ට සිම්බාබ්වේ තරග සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් ඔහුට තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි.

ඊයේ (31) හරාරේ හි පැවැති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි 20යි 20 තරගයේ දී කඩුලු රකිමින් සිටියදී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක මෙලෙස ආබාධයක් සිදුව ඇති බව සදහන්.

ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 3 ක පමණ කාලයක් ගත වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව හෙට පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය මෙන්ම එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

දෙවැනි 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ද සමත් වුණා.

තෙවැනි 20යි 20 තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...