කමින්ස් යුග දිවියට ; පුත්‍රයාත් විවාහ උත්සවයට

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක, සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විවාහ දිවියට එළඹ තිබෙනවා.

29 හැවිරිදි ඔහු විවාහ වී ඇත්තේ 31 හැවිරිදි Becky Boston නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සමගයි.

ඔස්ට්‍රේලියාවේ Byron Bay හී දී විවාහ උත්සවය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විවාහ උත්සවය සදහා ඔවුන්ගේ මාස 9ක් වයසැති පුත්‍රයා ද පැමිණ ඇති අයුරු විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

2013 වසරේ දී එකිනෙකා හදුනා ගත් පැට් කමින්ස් හා Becky Boston විවාහ ගිවිස ගත්තේ 2020 වසරේ ජූනි මාසයේ දී යි.

විවාහ උත්සවය සදහා ට්‍රැවිස් හෙඩ්, මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, නේදන් ලයන් හා ටිම් පේන් වැනි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ද එක්ව සිටියා.

මංගල දිනයේ දී සිය බිරිද සමග ගත් ඡායාරූපයක් ද පැට් කමින්ස් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...