ගමන් මලු නොමැති වීම නිසා ඉන්දු – කොදෙව් දෙවැනි 20යි 20 අර්බුදයක

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (1) පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ආරම්භ කිරීම පැය දෙකකින් ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ශාන්ත කිට්ස් හි Basseterre හි Warner Park ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, පළමු 20යි 20 තරගය පැවැති ට්‍රිනිඩෑඩ් සිට ශාන්ත කිට්ස් වෙත කණ්ඩායම්වල වැදගත් ගමන්මලු රැගෙන යාමේ ප්‍රමාදයක් හේතුවෙන් තරගය ආරම්භ කිරීම මෙරට වේලාවෙන් රාත්‍රී 10 දක්වා කල් දැමීමට සිදුව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගයෙන් ජය ගත් ඉන්දියාව තරග 1-0ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

දෙවැනි හා තෙවැනි තරග Basseterre හී දී පැවැත්වීමෙන් අනතුරුව සිව්වැනි හා 5 වැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් දෙක අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ගමන් කිරීමට නියමිතයි.

එම තරග දෙකම අමෙරිකාවේ පැවැත්වීම අර්බුදයකට ලක්ව ඇත්තේ කණ්ඩායම් දෙකේම සාමාජිකයින් සදහා අමෙරිකානු වීසා මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...