පාකිස්තානය ලකුණු 267 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (25).

තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ෆවඩ් අලාම් ලකුණු 18 ක් හා අගා සල්මාන් ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලාහ් ශෆික් ලකුණු නොලබා දැවී ගියා.

නායක බබාර් අසාම් ලකුණු 16 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

ඉමාම් උල් හක් ලකුණු 32 කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

මොහොමඩ් රිස්වාන් ලබා ගතතේ ලකුණු 24 ක් පමණයි. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ඔහු දැවී ගියා.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටියා. ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378 ක්.

ඒ අනුව පාකිස්තානය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 267 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...