Watch : ප්‍රභාත්ගේ පන්දුවකට බබාර් යළිත් ගොදුරු වූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378 ක්.

අනතුරුව පාකිස්තානය මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පසුගිය තරගයේ දෙවැනි ඉනිමේ දී නොදැවුණු ශතකයක් වාර්තා කරමින් පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දීමට දායකත්වය දැක් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු නොලබා දැවී ගියා.

අද දිනයේ දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඉමාම් උල් හක් ලකුණු 4 ක් හා නායක බබාර් අසාම් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

කෙසේ වෙතත් බබාර් අසාම් ලකුණු 16 ක් ලබා සිටියදී දී දවා ගැනීමට  ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් පිත්තේ ඇතුළු දාරයේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි බබාර් අසාම්ට සිය කඩුල්ල අහිමි වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...