දිමුත් පන්දු රැකීමෙන් ඉවත් වෙද්දී නවීඩ් නවාස් සංචිතයෙන් නිදහස් කෙරේ

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිට කොන්ද ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයකට ගොදුරු වී තිබෙනවා.

ඔහු මේ වන විට ඒ සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ හේතුවෙන් පාකිස්තානය සමග මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී ඔහු පන්දු රැකීම සදහා ද එක් වී නැහැ.

උප නායක ධනංජය ද සිල්වා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, කණ්ඩායමේ පුහුණු සැසියකදී ඔහු මුහුණ දුන් ආබාධයකින් සම්පූර්ණය සුවය ලැබීම සදහා අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින්.

පසුගිය 23 වැනිදා පන්දුවක් මුහුණේ වැදීමෙන් මෙම ආබාධය සිදුව තිබුණා.

ඒ හේතුවෙන් ඔහුගේ උඩතොල ආශ්‍රිතව මැහුම් කිහිපයක් ද දැමීමට සිදුව ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...