ශ්‍රී ලංකාව 378 ට දැවී යයි ; පාකිස්තානයෙන් අසාර්ථක ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (25).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පසුගිය තරගයේ දෙවැනි ඉනිමේ දී නොදැවුණු ශතකයක් වාර්තා කරමින් පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දීමට දායකත්වය දැක් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු නොලබා දැවී ගියා.

පාකිස්තාන ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම ඔහුව දවා ගැනීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්. ඔහුගේ පන්දුවක් පිත්තේ ඇතුළු දාරයේ වැදී කඩුල්ලේ වැදීම හේතුවෙනුයි අබ්දුල්ලාහ් ශෆික්ට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

නොදැවී පන්දුවට පහර දෙන ඉමාම් උල් හක් ලකුණු 4 ක් හා නායක බබාර් අසාම් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටියා. ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378 ක්.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ ලකුණු 11 කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 යි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 8කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසු පෙල ශක්තිමත් කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 40 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා යසීර් ශාහ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 363 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...