සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.
ඒ, දෙරට අතර ලීඩ්ස් හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගය මෙරට වේලාවෙන් ඊයේ (24) රාත්‍රියේ දී වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ බැවින්.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දකුණු අප්‍රිකා ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කර තරගය යළි ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත්, පන්දුවාර 27.4 ක් අවසානයේ දී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 159 ක්. ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 92යි.
පසුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව තරගය ප්‍රතිපලයකින් තොරවයි අවසන් කෙරුණේ.

