Watch : මැතිව්ස්ගේ සුවිශේෂී කඩඉමට ක්‍රිකට් ආයතනයෙන් උපහාර

Date:

ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් අද(24) සිය 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරනවා.

ඒ, පාකිස්තානය සමග ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

මීට පෙර ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරයි.

අද තරගය ආරම්භ වීමට පෙර ඇන්ජෙලෝ මැතිව්ස්ට සුබ පැතීම වෙනුවෙන් කෙටි උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර තිබුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

එහිදී සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...