කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවටයි ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු මෙම තරගය සදහා කැදවා තිබෙනවා.

පාකිස්තානය කණ්ඩායම සදහා ද වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව අසාර් අලී හා ආබාධයකට ලක් වූ ශහීන් ශාහ් අෆිරිඩි වෙනුවට ෆවඩ් අලාම් හා නවුමන් අලී කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Dimuth Karunaratne (c), Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Dunith Wellalage, Asitha Fernando

Pakistan XI :

Abdullah Shafique, Imam-ul-Haq, Fawad Alam, Babar Azam (c), Mohammad Rizwan (wk), Agha Salman, Mohammad Nawaz, Nauman Ali, Yasir Shah, Hasan Ali, Naseem Shah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...