සාර්ථක ආරම්භයකින් පසු ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් දැවී යයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96 ක්.

නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 28යි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 50 ක් ලබා සිටියදීයි. පන්දු 70 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

ඕෂද අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 7 වැනි අර්ධ ශතකයයි. ඔහු දැවී ගියේ මොහමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

දිවා ආහාරයට තරගය නතර කිරීමට සුළු වේලාවක් ඉතිරිව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පසුව පන්දු යැවූ අගා සල්මාන්ගේ අතෙහි වැදුණු පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ තිබූ කඩුල්ලේ වැදීමෙනුයි එම අන්තයේ රැදී සිටි කුසල් මෙන්ඩිස්ට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට සිදු වුණේ.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්. ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවටයි ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවා තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම සදහා ද වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව අසාර් අලී හා ආබාධයකට ලක් වූ ශහීන් ශාහ් අෆ්රිඩි වෙනුවට ෆවඩ් අලාම් හා නවුමන් අලී කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...