මැතිව්ස් – චන්දිමාල් ශ්‍රී ලංකාව ස්ථාවර කරයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි (24).

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියා.

තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36 ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තේ පානයට තරගය නතර කිරීමට මිනිත්තු 3ක් ඉතිරිව තිබියදී මැතිව්ස් ලබා දුන් පහසු උඩ පන්දුවක් බබාර් අසාම් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85 ක්.

දිමුත් කරුණාරත්න ලකුණු 40 කට දවා ගැනීමට යසීර් ශාහ් සමත් වුණා. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී නසීම් ශාහ් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි දිමුත් දැවී ගියේ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 කට මොහමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...