ශ්‍රී ලංකාව ලකුණු 261 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).

තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 257 ක්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 34 ක් ද, රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 19 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 125 ක් රැස් කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 76 කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 91 ක්.

දිමුත් කරුණාරත්න ලකුණූ 16කට ඊයේ පස්වරුවේ දී දැවී ගිය අතර, කසුන් රාජිත ලකුණු 7කට අද පෙරවරුවේ දැවී ගියා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 20ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 12යි.

පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් ලකුණු 74 කට කඩුලු 4ක් දවා ගෙන ඇති අතර, යසීර් ශාහ් ලකුණු 93 කට බිද හෙලා ඇති කඩුලු ගණන 3ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 261 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...