Watch : මෙන්ඩිස් දවා ගැනීමට යසීර් ශාහ් යොමු කළ සුපිරි දග පන්දුව

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).

මේ වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, පාකිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 200කට වැඩි ලකුණු ප්‍රමාණයක් ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 64 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් ලකුණු 76යි. හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙන්ඩිස් දැවී ගියේ යසීර් ශාහ් යොමු කළ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. (දර්ශන පහතින්)

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...