Watch : විරාට් කෝලි තෙවැනි එක්දින තරගයේදීත් අසාර්ථක වූ හැටි

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට මැන්චෙස්ටර් හී දී පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරග දෙක අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන ඇති බැවින් තරගාවලියේ ජය හිමි වන්නේ මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 45.5 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 259 ක්.

නායක ජොස් බට්ලර් ලකුණු 60ක් රැස් කළ අතර, ජේසන් රෝයි ලකුණු 41කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 24 කට කඩුලු 4ක් දවා ගත්තා. යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 60 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ පළමු කඩුලු තුනම දවා ගැනීමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි සමත්වුණා.

ආරම්භක පිතිකරුවන් වූ ශිකර් ධවාන් එක් ලකුණකටත්, රෝහිට් ෂර්මා ලකුණු 17කටත් දැවී ගියා.

යළිත් අසාර්ථක වූ විරාට් කෝලි මෙම ඉනිමේදී රැස් කළේ ලකුණු 17 ක් පමණයි.

රීස් ටොප්ලී යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් කෝලි දැවී ගියා.

පළමු කඩුලු 3 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...