විරල ලෝක වාර්තාවක් එක් කඩුල්ලකින් ප්‍රභාත්ට අහිමි වෙයි

Date:

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ වන විට ලෝක ක්‍රිකට් පිටියේ වඩාත් කතාබහට ලක්ව ඇති ක්‍රීඩකයෙකු බවට පත්ව තිබෙනවා.

ඒ, ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් ත්‍රිත්වයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන්.

සිය මංගල ටෙස්ට් තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 12 ක් බිඳ හෙලීමට ප්‍රභාත් සමත් වුණා. ඒ, ඉනිම් දෙකේ දී කඩුලු 06 බැගින් දවා ගනිමින්.

එම පන්දු යැවීම ලෝක ටෙස්ට් ඉතිහාසයේ දී සිය මංගල ටෙස්ට් තරගයේ දී වමත් දඟ පන්දු යවන ක්‍රීඩකයකු බිඳ හෙලන ලද ඉහළම කඩුලු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

ඊයේ (16) දිනයේදී ආරම්භ වූ පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේ පාකිස්තාන ප්‍රථම ඉනිමේ දී ද කඩුලු 5 ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වුණා.

මෙම පන්දු යැවීමේ දක්ෂතාවය ද ලෝක ටෙස්ට් ඉතිහාසයේ වාර්තාපොත් අලුත් කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

එහිදී ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වුණේ සිය පළමු ටෙස්ට් ඉනිම් ත්‍රිත්වය තුළ අඛණ්ඩව කඩුලු පහේ අවස්ථාවන් තුනක් වාර්තා කළ ලොව තෙවන පන්දු යවන්නා ලෙසයි.

අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී එවැනි දක්ෂතාවයක් වාර්තා වී තිබුණේ මීට වසර 96 කට පමණ පෙරයි.

1926 වර්ෂයේ දී ටෙස්ට් වර්ම් දිනා ගත් ඔස්ට්‍රේලියාවේ Clarrie Grimmet විසින් සිය මංගල ටෙස්ට් ඉනිම් ත්‍රිත්වය තුළ කඩුලු පහේ අවස්ථා 3 ක් වාර්තා කර තිබුණා.

ඔහුට පෙර 1894 වසරේ දී එංගලන්තයේ Tom Richardson විසිනුයි මෙම දුර්ලභ වාර්තාව පිහිටුවා තිබුණේ.

කෙසේ නමුත් පන්දු යවන්නෙකුගේ ප්‍රථම ටෙස්ට් ඉනිම් ත්‍රිත්වය තුළ නොකඩවා කඩුලු හයේ අවස්ථා 3 ක් බිද හෙලීමට ලොව කිසිදු ක්‍රීඩකයකු හට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහෑ.

අද දිනයේ තවත් එක් කඩුල්ලක් ප්‍රභාත් ජයසූරිය දවා ගත්තේනම් එම අතිශය විරල ලෝක වාර්තාවේ හිමිකරුවා බවට පත් වීමට ඔහුට හැකියාව පැවතුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...