පාන්ට්ගේ සුපිරි ශතකය හමුවේ ඉන්දියාවට විශිෂ්ඨ ජයක් ; තරගාවලියේ ජයත් ඉන්දියාවට

Date:

රිෂාබ් පාන්ට් වාර්තා කළ සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හේතුවෙන් එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින් තරග 2-1 ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 259 ක්.

ජොනී බෙයාර්ස්ටව් හා ජෝ රූට් ලකුණු නොලබා දැවී ගියා. ජේසන් රෝයි ලකුණු 41 ක් රැස් කළ අතර, බෙන් ස්ටොක්ස් ලකුණු 27ක් ලබා ගත්තා. ඔවුන්ගේ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 74 දී බිද වැටුණා.

අනතුරුව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 75 (84) ක සබදතාවයක් ගොඩ නැගීමට ජොස් බට්ලර් හා මොයීන් අලී සමත් වුණා. නායක බට්ලර් ලකුණු 60ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 34 කට දැවී ගියා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 27 යි. ක්‍රෙයිග් ඕවර්ටන් ලකුණූ 32ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 24 කට කඩුලු 4ක් දවා ගත් අතර, යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 60 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 72 දී බිද වැටුණා. පළමු කඩුලු තුනම වමත් වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි විසිනුයි දවා ගනු ලැබුවේ.

ආරම්භක පිතිකරුවන් වූ ශිකර් ධවාන් එක් ලකුණකටත්, රෝහිට් ෂර්මා ලකුණු 17කටත් දැවී ගිය අතර, යළිත් අසාර්ථක වූ විරාට් කෝලි ද ලකුණු 17 කට දැවී ගියා. සූර්යකුමාර් යාදව් ලකුණු 16යි.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 133 (115) ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගීමට රිෂාබ් පාන්ට් හා හර්ඩික් පාන්ඩ්යා සමත් වුණා. පාන්ඩ්යා පන්දු 55 කින් ලකුණු 71ක් ලබා සිටියදී දැවී ගියා. හතරේ පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රිෂාබ් පාන්ට් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 113කින් නොදැවී ලකුණු 125ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 2ක් හා හතරේ පහර 16ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පාන්ට් ලකුණු 18ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් දවා ගැනීමේ අවස්ථාවක් එංගලන්තයට ලද නමුත්, ජොස් බට්ලර්ට එය සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැහැ.

තරගයේ වීරයා ලෙස රිෂාබ් පාන්ට් ද, තරගාවලියේ වීරයා ලෙස හර්ඩික් පාන්ඩ්යා ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, ඉන්දීය ඉනිමේ 42 වැනි පන්දුවාරයේ දී ඩේවිඩ් විලීට එරෙහිව රිෂාබ් පාන්ට් අඛණ්ඩව හතරේ පහර 5ක් එල්ල කිරීම කැපී පෙනුණා. එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...