LPL තරගාවලිය කල් දැමේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා එම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් එම ඉල්ලීම ඔවුන් සිදු කර තිබූ බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ පළමු තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, අගෝස්තු 13 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණා.

තරගාවලිය කල් දැමීමට තීරණය කළ ද, එය පැවැත්වෙන මාසයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...