බබාර් අසාම් හා පාකිස්තාන පසුපෙල පාකිස්තානය යළි සටනට අවතීර්ණ කරයි

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට විට ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 9 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 194 ක්.

ඉනිමේ නැංගුරම බවට පත්ව සිටින නායක බබාර් අසාම් නොදැවී ලකුණු 95 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. නසීම් ශාහ් පන්දු 42 කට මුහුණ දී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5ක්. ඔහු තමා මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී යි ලකුණු අතරට පිවිසීමට සමත් වුණේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් අවසන් කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා මේ වන විට පන්දු 144කින් නොබිදුණු ලකුණු 46ක සබදතාවයක් ගොඩ නගා තිබෙනවා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 69කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී පාකිස්තානය ලකුණු 90 ක් ලබා ගත් අතර, දැවී ගියේ කඩුලු 2ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 28 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...