ටොප්ලිගේ වාර්තාගත පන්දු යැවීම ඉන්දියාවට ලකුණු 100 ක පරාජයක් හිමි කර දෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට එංගලන්තය මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 100 ක ජයක් වාර්තා කරමින්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 38.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

නායක රෝහිට් ෂර්මා ලකුණු නොලබා දැවී ගිය අතර, ශිකර් ධවාන් ලකුණු 9යි. යළි අසාර්ථක වූ විරාට් කෝලි ලකුණු 16 කට දැවී ගියා. රිෂාබ් පාන්ට් හට ද ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

හර්ඩික් පාන්ඩ්යා හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 29 බැගින් වාර්තා කළ අතර, සූර්යකුමාර් යාදව් ලකුණු 27කටත්, මොහොමඩ් ෂාමි ලකුණු 23කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 24කට කඩුලු 6ක් දවා ගනිමින් එක්දින ඉතිහාසයේ දී එංගලන්ත පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඩේවිඩ් විලී, Brydon Carse, මොයීන් අලී හා ලියම් ලිවින්ග්ස්ටන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලනතයට ලබා දුන් අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත්තේ පන්දුවාර 49ක් අවසානයේ දී යි. ඒ, ඉනිමේ කඩුලු 5ක් ලකුණු 102ක් තුළ දැවී ගිය පසුබිමකි.

එංගලන්තය වෙනුවෙන් මොයීන් අලී ලකුණු 47ක්, ඩේවිඩ් විලී ලකුණු 41ක්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 38ක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 47 කට කඩුලු 4ක් දවා ගත්තා. ජස්ප්‍රිට් බුම්රා හා හර්ඩික් පාන්ඩ්යා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...